Thursday, July 30, 2026
Follow Us
රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රබල ප්‍රහාරයක්
රුසියාව, යුක්රේනයට එල්ල කළ ප්රබල මිසයිල සහ ඩ්රෝන ප්රහාර මාලාවකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.
මධ්යම යුක්රේනයේ ක්රිවී රිහ් නගරය ආසන්න නිවසකට එල්ල වූ බැලස්ටික් මිසයිල ප්රහාරයකින් අවුරුදු පහ සහ දොළහ යන වයස්වල පසුවූ දැරියන් දෙදෙනෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පේට්රියට් මිසයිල යුක්රේනය තුළ නිෂ්පාදනය කිරීමේ බලපත්රයක් ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතර වොෂින්ටන් නුවරදී පැවැති සාකච්ඡාවලින් අනතුරුවයි රුසියාව මෙම දැවැන්ත ප්රහාර මාලාව එල්ල කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.