Friday, October 18, 2024
Follow Us
එමි­රේට්ස් වෙතින් ආක­ර්ෂ­ණීය අත්දැ­කීම්

සම්මානනීය ගුවන් සමාගම 2018-19 වසෙර්දී ළමා සංචාරකයින්ට සෙල්ලම් බඩු, Lonely Planet Kids බෑග්, සඟරා සහ තවත් භාණ්ඩ මිලියන 8.4 කට වැඩි ප්‍රමාණයක් තෑගි කරයි ලොව සුපතල එමිරේට්ස් ගුවන් සේවෙයන් පසුගිය වසරේ සංචාරය කළ කුඩා දරුවන් සහ තරුණ දරුවන්ට සිය විදේශීය සංචාරය වඩාත් ආකර්ෂනණීය එකක් බවට පත්කරමින් වැඩිහිටියන්ගේද ආදරය දිනාගැනීමට සමත් සෙල්ලම්බඩු මිලියන ගණනක් බෙදාදීමට කටයුතු කෙළේය.

ලෝකයේ විශාලතම ගුවන් සමාගම වන එමිරේට්ස් ගුවන්සේවය විසින් මෙම කණ්ඩායම සඳහා ඉතාමත් ජනප්‍රිය ‘Fly with Me’ සෙල්ලම් බඩු මාලාව යටෙත් සත්ත්ව චරිත 17 ක් ඇතුළත් සෙල්ලම් බඩු බෙදාදුන් අතර මෙවා සඳහා කුඩා දරුවන් සහ තරුණ දරුවන් දැඩි ලෙස ආකර්ෂණය වී ඇත.

මහද්වීප හයකට අයත් ගමනාන්ත 140 කට වඩා වැඩි සංඛ්‍යාවක් වෙත සංචාරය කරන එමිරේට්ස් Lonely Planet Kids සමඟ එක්ව සිය ගුවන් යානාවල ගමන් කරන දරුවන්ට වර්ණවත් සෙල්ලම් බඩු වලට අමතරව විනෝදාස්වාදය සහ දැනුම ලබාදීම සඳහා ක්‍රියාකාරකම් කට්ටල බෑග්, එමිරේටිස් කිට්ස්, සඟරා සහ පාට පැන්සල් පිරිනමයි.

මේ අනුව, සමාගම විසින් 2018-19 වසෙර්දී ‘Fly with Me’ ළමා සෙල්ලම් බඩු සහ Lonely Planet බෑග් මිලියන 4.7 ක් සහ ‘Fly with Me’ සඟරා සහ පාට පැන්සල් කට්ටල මිලියන 3.7 ක් News එමිරේට්ස් තුළින් සංචාරය කළ අවුරුදු

12 ට අඩු දරුවන්ට පිරිනමා තිබේ.

(Dinamina)