කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන Industry Expo 2025 ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) එක්විය.
ප්‍රදර්ශන කුටි නැරඹූ ජනාධිපතිවරයා එම ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙය වීම අරමුණ කර ගනිමින්, සමස්ත කර්මාන්ත ක්ෂේත්රය නියෝජනය වන පරිදි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන Industry Expo 2025 ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 – 21 දක්වා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
කර්මාන්ත සංවර්ධනයේදී රටක් ලෙස මුහුණ දෙන ගැටළු සහ අභියෝග රැසකට විසඳුම් සෙවීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම අරමුණයි.
එමඟින් රටේ ජාතික නිෂ්පාදිතය ප්‍රවර්ධනයට උර දෙන දැවැන්තයින් ජාතික මට්ටමින් හඳුන්වා දීම, ජනතාව මෙන්ම වගකිව යුතු පාර්ශ්ව ඉදිරියේ ඔවුන් විසින් රටේ සංවර්ධනයට දක්වන දායකත්වය ඇගයීමට ලක් කිරීම මෙන්ම ජනතාව තුළ ව්‍යවසායක ප්‍රජාව පිළිබඳ සුබවාදී ආකල්ප ඇති කිරීමද අපේක්ෂා කෙරේ.
එතුළින් ජනතාව තුළ ව්‍යවසාකත්වය පිළිබඳ උනන්දුවක් ඇති කිරීම, කර්මාන්තකරුවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පුළුල් කිරීමට අවස්ථා හඳුන්වා දීම සහ ඊට අභිප්‍රේරණය ලබා දීම සිදු කෙරේ. තවද වෙළෙඳපොල සබඳතා ප්‍රවර්ධනය කිරීම තුළින් සියලු පාර්ශ්වයන්ට දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොල නව ප්‍රවේශ විවර කර දීම, තරඟකාරී වෙළෙඳපොල පිළිබඳ තක්සේරුවකට පැමිණීම වැනි අවස්ථා හිමි කර දෙන අතර තමන්ගේ හැකියාවන් සහ දුර්වලතා හඳුනා ගැනීමටත්, නව තාක්ෂණය භාවිතය පිළිබඳ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට ද Industry Expo 2025 ප්‍රදර්ශනය අවස්ථාව හිමි කර දෙයි.
මීට අමතරව කර්මාන්ත සංවර්ධනය සඳහා සහාය දක්වන ආයතන පද්ධතිය හඳුනා ගැනීමත්, ඒ හරහා ලබා ගත හැකි ප්රතිලාභ පිළිබඳ දැනුම්වත් වීමත් ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මෙහිදී ලබා ගන්නා සුවිශේෂ අවස්ථා වේ.
මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25ක් නියෝජනය වන පරිදි දිවයින පුරා කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන කුටි 450කින් මෙම ප්‍රදර්ශනය සමන්විතය.
පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය සහ පෞද්ගලික අංශ මඟින් ඉදිරිපත් කරනු ලබන නවෝත්පාදන කලාපය මෙවර ප්‍රදර්ශනයේ විශේෂ අවධානය යොමු වී ඇත. මීට අමතරව පාසල් ව්‍යවසායකත්ව කව වැඩසටහන යටතේ පාසල් සිසුන් ගේ නිෂ්පාදන රැගත් ප්‍රදර්ශන කුටිද මෙවර Industry Expo 2025 ප්‍රදර්ශනයට ඇතුළත්ය.
තවද ජාතික ඉංජිනේරු නවෝත්පාදන හා ගවේෂණ මධ්‍යස්ථානයේ (NERD) සේවා කුටියක්ද, කර්මාන්ත සඳහා සහාය ලබා දෙන සියළුම රාජ්‍ය සහ බැංකු ආයතන නියෝජනය කෙරෙන ONE STOP service කුටියක්ද මෙවර ප්‍රදර්ශනය සමඟ එක්වී තිබේ.
මීට අමතරව කර්මාන්ත හිමියන් සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ, ඇසුරුම් ද්‍රව්‍ය ආදී අංගෝපාංගවලින් සමන්විත Industry Expo 2025 ප්‍රදර්ශනයේදී සැපයුම්කරුවන් හමු වීමේ අවස්ථාවද හිමි වේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාද මේ අවස්ථාවට එක් විය.