Thursday, September 18, 2025
Follow Us
ඔබගේ නොවිසඳුණු සේවක අර්ථසාධක අරමුදල් හා සම්බන්ධිත ගැටලුවලට විසඳුම් ලබාදීමට ජංගම සේවා වැඩසටහන් සතියක්
පෞද්ගලික හා අර්ධ රාජ්ය අංශයන්හි සේවයේ නියුතු ඔබට පහත සඳහන් සේවාවන් ලබා ගැනීම සඳහා සියලුම දිස්ත්රක් හා උප කම්කරු කාර්යාලයවල විශේෂ ජංගම සේවා වැඩසටහන් සතියක් 2025 සැප්තැම්බර් මස 22 දින සිට සැප්තැම්බර් මස 26 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.

 එහිදී ඔබට පහත සඳහන් සේවාවන් ලබාගත හැක.

-සාමාජික ඔබගේ සේවක අර්ථසාධක අරමුදල් සාමාජික ගිණුම් තොරතුරු/ ශේෂ පිරික්සීම
-නිවැරදි නොවන සාමාජික ගිණුම් තොරතුරු ජාතික හැඳුනුම්පත අනුව නිවැරදි කර ගැනීම
-සාමාජිකයින් ලියාපදිංචි කිරීම
-පැමිණිලි භාරදීම
-කම්කරු නීතී සම්බන්ධව උපදෙස් ලබා ගැනීම
 
මෙම සේවාවන් ලබා ගැනීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත, බී කාඩ්පත (ලියාපදිංචි වී ඇත්නම්), සේවායෝජකගෙන් ලබා ගත් ලිපිය (සංශෝධන සිදුකර ගැනීමට අවශ්යනම්) රැගෙන ළඟම පිහිටි කම්කරු කාර්යාලය වෙත පැමිණෙන්න.