බහලුම් පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධව රේගුව අධ්‍යයනය කරමින් සිටින බව රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවැසීය.
මෙලෙස කෘතිම බුද්ධිය යොදා ගැනීම මගින් බහලුම්වල තිබෙන දෑ නිශ්චිතවම හඳුනාගැනීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියේය.
මෙලෙස බහලුම් පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාද උපදෙස් ලබාදී ඇතැයිද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
මුලින්ම දැඩි අවදානම් කාණ්ඩයට අයත්වන “රතු ලේබල්“ බහලුම් හඳුනාගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත්, බහලුම් පරීක්ෂා කිරීමට දැනට භාවිත කෙරෙන පද්ධතියට (Automated Risk Management System) මෙම කෘත්‍රිම බුද්ධිය එකතු කිරීමට කටයුතු කරන බවත්, එය අතිශය වියදමක් වැය වන සංකීර්ණ කටයුත්තක් බවත් ඔහු කියා සිටියේය.
මෙම ක්‍රමවේදය යටතේ නියමිත මිලට වඩා මිල අඩුවෙන් සඳහන් කරන ලද භාණ්ඩ හඳුනාගැනීමටද බලාපොරොත්තු වන බවද අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.
Aruna