Monday, February 24, 2025
Follow Us
ආදීවාසි ජන ප්‍රජාවට මැතිවරණ ඊ සේවා හඳුන්වා දීමේ වැඩසටහනක්

මැතිවරණ ඊ සේවා පිළිබඳ ආදීවාසි ප්‍රජාව සහ ආදීවාසී පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් දඹාන කණිටු විදුහලේ දී පසුගියදා පැවැත්විණ.

මෙය මැතිවරණ කොමසාරිස් ජනාරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ සහ ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විය.

ආදිවාසීන් රජයේ නිලධාරීන් හා ආයතන සම්බන්ධවීමේ දී භාෂා වෙනස්කම් නිසා මතුවන ගැටලු, ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීමේ ගැටලු, ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගැනීමේ ගැටලු, මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුම්වත් වීම අවම වීම ආදිය සඳහා මැතිවරණ කොමිෂන් සභාව මගින් වැඩි දියුණු කර ඇති මැතිවරණ ඊ සේවාවන් භාවිතය මගින් විසඳුම් හිමි වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය සහ බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය එක් ව මෙය සංවිධාන කර තිබිණ.