ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කළ "ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024" අමතමින් පෙබරවාරි 21 වන දින දෙහිවල, ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.
මෙහිදී 2024 වසරේ විශිෂ්ට ජාතික කර්මාන්ත සන්නාම ත්‍රිත්වය ලෙස කුඩා පරිමාණ අංශයෙන් JBRICKS PVT LTD ආයතනය ද, මධ්‍ය පරිමාණ අංශයෙන් SINGHE Furniture Manufacturer PVT LTD ආයතනයද, මහා පරිමාණ අංශයෙන් EARTHFOAM PVT LTD ආයතනයද අග්‍රාමාත්‍යවරිය අතින් සම්මාන ලබා ගන්නා ලදී.