ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කදු නැගීමේ ශූර යොහාන් පීරිස් , ලෝකයේ තවත් උසම කදු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කදු මුදුන සහ දකුණු ඇමෙරිකාවේ , ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කදු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි .
ඒ අනුව මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට් , අප්‍රිකා මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ , යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස් , ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු ඇමෙරිකාවේ ඇකන්කගුවා යන කදු සාර්ථකව තරණය කිරීමට යොහාන් පීරිස් සමත් වී තිබේ .
යොහාන් පීරිස් පිළිගැනීමට ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .