Monday, February 24, 2025
Follow Us
ලබන වසරේ සිට අධ්‍යාපනයේ වෙනසක්

මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ බිලියන හයසිය දහනවයක මුදල මෙතෙක් ඉතිහාසයේ මෙරට අයවැයක් හරහා අධ්‍යාපනයට වෙන්කරන ලද විශාලතම මුදල බවත්, ඉදිරි වසරේ සිට අධ්‍යාපනය නවමු දිශානතියකට යොමු කරමින් 2026 වසරේ දී පාසල් පද්ධතිය තුළ පළමු ශ්‍රේණියේ සහ හය ශ්‍රේණියේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවා ය.

සාහිත්‍ය, කලාව, භාෂා අධ්‍යයන ඇතුළු පුළුල් වූ අධ්‍යාපන ක්‍රමයක වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කරන ලද අතර ඉදිරියේදී ඒ ආශ්‍රිත විෂයන් වැඩි වශයෙන් අධ්‍යාපන පද්ධතියට එක්වන බව සඳහන් කළා ය.

ආර්ථික අපහසුකම් හේතුවෙන් පාසල හැර යන දරුවන්, අස්වැසුම ලබන දරුවන් මෙන්ම සිසුන් 300ට අඩුවෙන් අධ්‍යාපනය ලබන සියලුම පාසල්වල දරුවන් වෙනුවෙන් පොත්පත් හා ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට වව්චර් පතක් ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය