Monday, February 24, 2025
Follow Us
අවුරුදු 13ට වැඩි පාසල් දැරියන්ට ලැබෙන දේ

පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වගකීමක් ලෙස සලකමින් පාසල් තුළ සනීපාරක්ෂාව වර්ධනය කිරීමත්, වයස අවුරුදු 13ට වැඩි සියලුම ගැහැනු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබා ගැනීම වෙනුවෙන් වව්චර් පතක් ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය අද (24) අවධාරණය කළා ය.

අනුරාධපුරේ  අද පැවැති උත්සවයකට එක්වෙමිමන් අගමැතිනිය මේ බව අවධාරණය කළාය .

එමෙන්ම clean sri lanka ව්‍යාපෘතිය හරහා පොදු මහජනයා වෙනුවෙන් ආරක්ෂිත සහ පිරිසිදු සනීපාරක්ෂක සේවා ඇතිකිරීම කඩිනමින් සිදුවන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා .ය.