Sunday, June 30, 2024
Follow Us
තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අදාළව සාකච්ඡාවක් පසුගියදා (25) පැවැත්විණ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් පිරිපහදුව රජයට අයත් වෙනමම ආයතනයක් ලෙස ස්ථාපිත කර ඉන්ධන ප්‍රමිතිය වැඩි කිරීමට, කාර්යක්ෂමතාවය වැඩි කිරීමට, ධාරිතාව වැඩි කිරීමට සහ පිරිවැය අඩු කිරීමට අවශ්‍ය මුල්‍ය ආයෝජන ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.


එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් අනුමත සේවකයන් සංඛ්‍යාව අවශ්‍යතාව අනුව සංශෝධනය කිරීමට සහ නව වැටුප් තලයන් සකස් කිරීමත් සේවාවන් සහ කාර්යයන් ඩිජිටල්කරණයට ලක්කිරීමත් සිදු වේ.


මෙම වැඩපිලිවෙලේ කාලරාමුව සහ ක්‍රියාත්මක කිරීමේ වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ හා තෙල් පිරිපහදුවේ ඉහල කළමණාකාරීත්වය සමඟ මෙම හමුව පැවැත්විණ.