The first 20 days of June have drawn 61,183 tourists, increasing the year to date figure to 585,669.
ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය සහ එහිදී සිදුකළ සාකච්ඡා හා සංවාද ඔස්සේ ගිලිහී ගොස් තිබූ ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව විසඳීම හා යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බලවතුන්ගේ පූර්ණ සහාය හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේදී පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීම සඳහා සමාලෝචනය සැප්තැම්බර් මස මැද වන විට සිදු කෙරෙන බවත්, ඒ අනුව ඇති කරගත් එකඟතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.
යම් යම් බාධා පැවතියද මේ සඳහා අධිෂ්ඨානශීලීව සුදානම් වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, රට වැටී ඇති ගැඹුරු ආර්ථික ආගාධයෙන් ගොඩඒමට යන මාර්ගය යම් යම් පිරිස් හා කණ්ඩායම් විසින් කඩාකප්පල් කිරීමට කටයුතු කළහොත් පසුගිය වසරේ ජූලි , අගොස්තු මාස වල තිබූ තත්ත්වයට රට යළි ගමන් කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වන බවත් පැවසුවා.
Sri Lanka Tourism yesterday welcomed the inaugural flight ‘Air Seychelles’ from Seychelles to Colombo carrying 110 passengers.
චීනය, ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යළි ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති යෝජනා රට යටත් කර ගැනීම සඳහා නොව ආර්ථික යටත් විජිතයක් බවට පත්වීම වැළැක්වීම සඳහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනෙකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
ඊයේ(22) දිනට සාපේක්ෂව අද(23) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.
Aruna
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළි අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීසි මහතා පවසයි.
International Monetary Fund (IMF) Managing Director Kristalina Georgieva has told President Ranil Wickremesinghe that the IMF is committed to support Sri Lanka’s economic reforms to improve living standards for its people.
තොරතුරු තාක්ෂණ සහ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ ඒ ඒ ක්ෂේත්‍රවල පවතින ගැටලු සහ ඒ සඳහා ගත හැකි විසඳුම් ක්‍රියාමාර්ග පිලිබඳව පුළුල් සාකච්ඡාවක් පසුගියදා (09) ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සිදු විය.
බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පසුබෑමක්
මෑතකාලීනව හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රට හැර යාමට පෙළඹී සිටින බවත්, තොරතුරු තාක්ෂණ සමාගම් රාශියක් වෙනත් රටවල් වෙත සිය ව්‍යාපාර කටයුතු ගෙන යාමට උත්සාහ කරන බවත් මෙහි දී හෙළි විය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් සපයන සේවා ක්ෂේත්‍රයකි.
2019 වසරේ දී එමගින් උත්පාදනය කළ ආදායම ඇ.ඩො. බිලියන 1.5 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ක දායකත්වයකි.
මෙම ආදායම තවත් ඉහළ නංවා ගැනීමේ ඉහළ භව්‍යතාවයක් පවතී.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් වෙත ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතී.
ඉන්දීයාවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය 8% ක තරම් ඉහළ අගයකි.
එවැනි ඉහළ ආදායම් උත්පාදන තත්ත්වයක් වෙත ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීම පිළිබඳ යෝජනාවලියක් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කමිටුවට ඉදිරිපත් කරන ලදි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දින පහක කාලයක් වාණිජ බැංකු වසා තැබීමට තීරණය කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (25) රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි .
Page 56 of 266