Thursday, April 23, 2026
Follow Us
TIN අංකයට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශේෂ වැඩපිළිවෙළකට යෝජනාවක්

TIN අංකය ලබාගැනීම පුළුල් සහ පහසු ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් මුදල් රාජය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණ. 

එහි දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

මේ අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.