Saturday, November 08, 2025
Follow Us
ආර්ථීකය ගොඩගන්න කෙටිකාලීන වැඩපිළිවෙලකට යායුතු බවට අනාවරණයක්

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ශක්තිමත් කර ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. එසේ නොවුනහොත් ඉදිරියේදී තවත් ගැටළු මතුවිය හැකි බවයි ඔවුන්ගේ අදහස වන්නේ.

මෙරට විදේශ සංචිත ක්‍රමයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පෙනී යනවා. ඒ අනුව ඉකුත් වසර අවසන් වනවිට මෙරට සතුව අමෙරිකානු ඩොලර් බිලියන 5.7 විදේශ සංචිත ප්‍රමාණයක් පැවැති අතර එය මෙම වසරේ මුල් භාගයේදී 4.6 ක් දක්වා අඩුවී ඇති බවයි නෙත් නිවුස් ඉකුත් දා පෙන්වා දුන්නේ.

ඉකුත් මාර්තු මාසය වනවිට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඊයේ දිනය නිමවන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ද 202.88 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

(NEth)