Thursday, June 25, 2026
Follow Us
කුඩා තේ වතු අධිකාරියට නව පත්වීම්ලාභීන් 25ක්
මෙරට තේ ක්ෂේත්රයේ ජාතික ඉලක්ක සපුරාලීමටත්, කුඩා තේ වතු කර්මාන්තය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණු කරගනිමින්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට වසර 7කට පසු තේ පරික්ෂක සහ ව්යාප්ති නිලධාරින් 25 දෙනෙකු බඳවා ගැනීම අද (25) දින වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ ශ්රවණාගාරයේදී සිදු කෙරිණි.

 

2019 වසරෙන් පසුව, එනම් වසර 7ක පමණ දීර්ඝ කාලයකින් පසු කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ පැවති පුරප්පාඩු විශාල ප්රමාණයක් එකවර සම්පූර්ණ කළ ප්රථම අවස්ථාව මෙය වේ.
 
දීර්ඝ කාලයක සිට කුඩා තේ වතු ක්ෂේත්රයේ පැවති නිලධාරී හිඟයට පිළියම් යොදමින් මෙලෙස බඳවා ගන්නා ලද නවක නිලධාරීන් පිරිස, පුරප්පාඩුව පැවති දිස්ත්රික් කාර්යාල 8ක එනම් ගාල්ල, මාතර, රත්නපුර, මහනුවර, නුවරඑළිය, ඌව, සහ කෑගල්ල යන දිස්ත්රික්කයන් හි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්රාදේශීය කාර්යාලයන් හි සේවා කටයුතු ශක්තිමත් කිරීම සඳහා වහාම ක්රියාත්මක වන පරිදි අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.
 
පත්වීම් ප්රදානෝත්සවය අමතමින් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා ප්රකාශ කළේ, මෙම නව නිලධාරීන්ගේ පැමිණීම මෙරට තේ කර්මාන්තයේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වන බවයි.