Wednesday, June 24, 2026
Follow Us
25 වසරකට පසු සංශෝධනය වන ජාතික පාරිසරික පනත
නව ජාතික පාරිසරික පනත හරහා හඳුන්වා දීමට අපේක්ෂිත “උපාය මාර්ගික පාරිසරික ඇගයීම” (Strategic Environmental Assessment - SEA) යනු සැලසුම් සහගත නොවන සංවර්ධන ක්රියාකාරකම් මුල් අවස්ථාවේදීම විධිමත් කිරීම සඳහා යොදාගන්නා ප්රබල මෙවලමකි.

මෙතෙක් ක්රියාත්මක වූ පාරිසරික බලපෑම් ඇගයීම් (EIA) ක්රමවේදය මඟින් සිදු වූයේ යම් නිශ්චිත ව්යාපෘතියක් ආරම්භ කිරීමට ආසන්න මොහොතකදී එහි පාරිසරික බලපෑම තනි තනිව සලකා බැලීම වුවද, මෙම නව SEA ක්රමවේදය මඟින් රජයේ ජාතික ප්රතිපත්ති, මහා පරිමාණ සැලසුම් සහ සංවර්ධන වැඩසටහන් සකස් කරන මුල් අදියරේදීම (Planning stage) පාරිසරික සාධක ඒ කෙරෙහි බද්ධ කරනු ලබයි.

එමඟින් එකම කලාපයක ව්යාපෘති කිහිපයක් එකතු වීමෙන් ඇති විය හැකි සමුච්චිත පාරිසරික බලපෑම් (Cumulative Impacts) කලින්ම හඳුනා ගැනීමටත්, සංවේදී පරිසර පද්ධති සහ ජල පෝෂක ප්රදේශ ආරක්ෂා වන පරිදි විද්යාත්මක කලාපකරණයන් (Zoning) සිදු කිරීමටත් අවස්ථාව ලැබේ.
සැලසුම් සහගත නොවන සංවර්ධනය නිසා ව්යාපෘති ආරම්භ කිරීමෙන් පසු ඇති වන පාරිසරික හා සමාජීය ගැටලු නිරාකරණය කිරීමට වෙහෙසෙනවා වෙනුවට, ප්රතිපත්ති සම්පාදන මට්ටමේදීම පරිසර හිතකාමී විකල්ප වෙත යොමු වෙමින් වැරදි වළක්වා ගැනීමට මෙමඟින් මඟ පෑදේ.
පරිසරය පරදවන සංවර්ධනයක් රටකට කුමකටද? සොබාදහමට මුල්තැන දෙන උපායමාර්ගික හැරවුම "උපාය මාර්ගික පාරිසරික ඇගයුම්"
 
පරිසර අමාත්‍යාංශය 

නව ජාතික පාරිසරික පනත හරහා හඳුන්වා දීමට අපේක්ෂිත “උපාය මාර්ගික පාරිසරික ඇගයීම” (Strategic Environmental Assessment - SEA) යනු සැලසුම් සහගත නොවන සංවර්ධන ක්රියාකාරකම් මුල් අවස්ථාවේදීම විධිමත් කිරීම සඳහා යොදාගන්නා ප්රබල මෙවලමකි.

මෙතෙක් ක්රියාත්මක වූ පාරිසරික බලපෑම් ඇගයීම් (EIA) ක්රමවේදය මඟින් සිදු වූයේ යම් නිශ්චිත ව්යාපෘතියක් ආරම්භ කිරීමට ආසන්න මොහොතකදී එහි පාරිසරික බලපෑම තනි තනිව සලකා බැලීම වුවද, මෙම නව SEA ක්රමවේදය මඟින් රජයේ ජාතික ප්රතිපත්ති, මහා පරිමාණ සැලසුම් සහ සංවර්ධන වැඩසටහන් සකස් කරන මුල් අදියරේදීම (Planning stage) පාරිසරික සාධක ඒ කෙරෙහි බද්ධ කරනු ලබයි.

එමඟින් එකම කලාපයක ව්යාපෘති කිහිපයක් එකතු වීමෙන් ඇති විය හැකි සමුච්චිත පාරිසරික බලපෑම් (Cumulative Impacts) කලින්ම හඳුනා ගැනීමටත්, සංවේදී පරිසර පද්ධති සහ ජල පෝෂක ප්රදේශ ආරක්ෂා වන පරිදි විද්යාත්මක කලාපකරණයන් (Zoning) සිදු කිරීමටත් අවස්ථාව ලැබේ.

සැලසුම් සහගත නොවන සංවර්ධනය නිසා ව්යාපෘති ආරම්භ කිරීමෙන් පසු ඇති වන පාරිසරික හා සමාජීය ගැටලු නිරාකරණය කිරීමට වෙහෙසෙනවා වෙනුවට, ප්රතිපත්ති සම්පාදන මට්ටමේදීම පරිසර හිතකාමී විකල්ප වෙත යොමු වෙමින් වැරදි වළක්වා ගැනීමට මෙමඟින් මඟ පෑදේ.

පරිසරය පරදවන සංවර්ධනයක් රටකට කුමකටද? සොබාදහමට මුල්තැන දෙන උපායමාර්ගික හැරවුම
"උපාය මාර්ගික පාරිසරික ඇගයුම්"