Wednesday, June 24, 2026
Follow Us
ක්‍රීඩකයින් අතර පවතින මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය ක්‍රීඩාවේ පළමු විනයයි -අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
ජාත්යන්තර ඔලිම්පික් දිනය (Olympic Day) නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උළෙලක් ඊයේ (23) තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්රධානත්වයෙන්, පැවැත්විණි.

 

මෙහිදී උත්සවය ඇමතූ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ, සැබෑ ක්රීඩාශීලීත්වය (Sportsmanship) යනු ජයග්රහණය පමණක්ම නොවන බවයි.
"ක්රීඩකයින් අතර තිබිය යුතු මිත්රත්වය සහ යහපත් සන්නිවේදනය ක්රීඩාවක පළමු විනය (1st Discipline) වෙනවා. සෑම ක්රීඩකයෙකුම තමන්ගේ ප්රතිවාදී ක්රීඩකයාට සහ සෙසු සගයන්ට උපරිමයෙන් ගෞරව කිරීමට පුරුදු විය යුතුයි.
දක්ෂතාවලටත් වඩා ඒ ගෞරවය සහ විනයයි අනාගත පරපුර ක්රීඩාවෙන් ප්රගුණ කළ යුත්තේ," යැයි අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ ජපාන නියෝජ්ය තානාපතිතුමා, ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) සභාපති, ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය සහ ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්. අච්චුදන් (S. Achchuden) මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
මේ සඳහා සහභාගී වූ පාසල් දරුවන් සහ තරුණ ක්රීඩක ක්රීඩිකාවන් වෙනුවෙන් ඔලිම්පික් සාරධර්ම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙහිදී ක්රියාත්මක විය.