කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත් කෙරිණි.
පේෂකර්ම හා ඇඟළුම් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හා පුහුණුව වර්ධනය කරමින් ක්ෂේත්‍රය තුළ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල පරිගණක 150 කින් සමන්විත CAD රසායානාගාරයක්, අංගසම්පූර්ණ නිර්මාණ මැදිරියක් (Art and Fashion Studio), නවීන ශ්‍රවණාගාරයක්, පුස්තකාලයක් ඇතුළු පසුකම් රැසකින් සමන්විත වෙයි.
මෙම තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල පේෂකර්ම සහ ඇඟළුම් ක්ෂේත්‍රයට යොමුවන දරුවන්ට සහ වෘත්තිකයන්ට නවීන අධ්‍යන පරිසරයක් නිර්මාණය කරමින් ඔවුන්ට ජාත්‍යන්තරය වෙත පිවිසීමට මඟ විවර කරන අතර සිසුන්ගේ නවෝත්පාදන අධ්‍යනය, නිර්මාණාත්මක හැකියාවන් හා වෘත්තීය නිපුණතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකරනු ඇත.2024 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල සඳහා රුපියල් මිලියන 520 ක් වැය කර ඇත.
ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට අපනයන ආදායම් ගෙනඑන ප්‍රමුඛතම මාර්ගයක් වන බැවින් මෙම ක්ෂේත්‍රය තුළ සැපයුම්දාම ශක්තිමත් කරමින් කුසලතා සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. එසේම මෙම ක්ෂේත්‍රය සඳහා නිර්මාණශීලි නවෝත්පාදකයින්ගේ අවශ්‍යතාවයක් ඇති බවත් ජාත්‍යන්තර මට්ටමේ ඇඟළුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම තම අමාත්‍යාංශ්‍ය ප්‍රමුඛ රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ සභාපතිනි තිලකා ජයසුන්දර සහ අමාත්‍යාංශ්‍ය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන්, ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ උපාධි පාඨමාලා හදාරන සිසුන් ඇතුළු පිරිසක් අවස්ථාවට සහභාගි වූහ.