ශ්‍රී ලංකාවේ පැවති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්ථානය පරාජය කරමිනි ජයග්‍රහණය කරනු ලැබීය.
ශ්‍රී ලංකාව වසර එකොලහට පසුව ලබා ගත් මෙම ජයග්‍රහණය සැමරීමට සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එක් විය.
ජයග්‍රාහී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය.
සුයොරු ඇන්තනීගේ නායකත්වයෙන් තරඟ වැදි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස තරින්ද රත්වත්ත කටයුතු කළ අතර, සනත් මාටිස් ප්‍රධාන පුහුණුකරු ලෙසත්, දුෂ්යන්ත් ලෙව්කේ ඉදිරි පෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙසත්, නිල්ෆර් ඉබ්රාහිම් පසුපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙසත් කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, කසකස්තානය සහ කටාර් යන කණ්ඩායම් හතර පිළිමලුන් පිටුදැකීමේ තරඟාවලියට එක්විය.