Thursday, February 12, 2026
Follow Us
බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය -2024 මැයි 23 සිට 26 දක්වා
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය,ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් මංගල්යය මැයි 23 සිට 26 දක්වා 17 වැනි වරටත් පැවැත්වීම කටයුතු සූදානම් කර ඇත.

වෙසක් පුර පසලොස්වක පොහෝ දින සීල සමාදානය, ධර්ම දේශනාවන්,භාවනා වැඩසටහන්, සර්වඥ ධාතු ප්රදර්ශනය, දර්ශනීය වෙසක් කූඩු, වෙසක් තොරණ, දන් සැල් , නූර්ති හා ‌බෞද්ධ ජාතක කතා ඇතුලත් වීථි නාට්ය ප්රදර්ශන ආදී වැඩසටහන් රැසක් මෙම කලාපය තුළ අන්තර්ගත කොට ඇත.