Wednesday, April 01, 2026
Follow Us
විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බහාළු බවට සැකකෙරෙන උර තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බහාළු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන, ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කළාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.