පැවැත්වීමට නියමිත 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්යත්ව විභාගය සඳහා මේ වනවිට නිවේදනය කර ඇති දින සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලා නියමිතබවත් ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කෙරන බවත් පැවසේ.
අද (11) උදෑසන සිට රත්නපුර දිස්ත්රික්කයේ අයගම පොලිස් බලප්රදේශයේ පරගල ග්රාම නිලධාරී වසම හුදකලා කර තිබේ.
President Gotabaya Rajapaksa has put forward a comprehensive mechanism to vaccinate a majority (60%) of the population against COVID-19 before September.
කොරෝනා මර්ධන එන්නත් මාත්රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා අන්තර්ජාතික මට්ටමෙන් පිළිගන්නා ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දී ඇත.
Former model and artist Kaushi Wedikkara Arachchi has been appointed as a coordinating secretary to Prime Minister Mahinda Rajapaksa.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය ඉදිරියේ ඊයෙ(9) කරුණු වාර්තා කරමින් පවසා සිටියේ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත, කොළඹ වරායේ නාවික මෙහෙුයම් මැදිරියේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් මැකී ඇති බවයි.
ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ක්රියාත්මක කෙරෙන පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් හලාවතදී ඊයේ (10) ආරම්භ කෙරිණි.
සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින්නන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට ආරම්භ කෙරුණා. ඒ අනුව සංචාරක ක්ෂේත්රයේ සෘජුව නියැලී සිටින ලක්ෂ පහකට අධික පිරිස වෙනුවෙන් කඩිනම් එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මකයි. සාර්ථක එන්නත්කරණයකින් අනතුරුව රජය සූදානම් වන්නේ මෙම වර්ෂය අවසාන වනවිට සංචාරකයින් ගෙන්වා ගත හැකි රටවලින් මෙරටට සැළකිය යුතු සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමටයි.
එක්ස්ප්රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් නෞකාව තුළ තිබූ විෂ රසායන සාගර ජලයට එකතු වී ඇති බවට මේ දක්වා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව වරාය හා නාවික අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මෙම නෞකා අනතුරින් පසුව, මියගිය මුහුදු ජීවින් රැසකගේ සිරුරු මුහුදු වෙරළට ගොඩගැසූ නමුත් එම මුහුදු ජීවීන් මරණයට පත්වීම හා නෞකාවේ සිදු වූ අනතුරු අතර සබඳතාවක් තිබෙන බවටද මෙතෙක් තහවුරු වී නොමැති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාවට දැනටමත් සහනයක් ලබාදී ඇති බවත් එය ඉතාම වැදගත් සහනයක් බවත් මුදල් රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.
රසායනික පොහොර සහ පළිබෝධක නාශක ආනයනය තහනම් කිරීමේ තිරණය මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ වෙනස් කළ නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා.
පාසැල් විවෘත කිරීමේ කටයුතු අගෝස්තු මාසයේ සිට ආරම්භ කළ හැකි වනු ඇතැයි අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. පළමු පියවර ලෙස දරුවන් සියයට අඩු පාසැල් 2,962 ක් අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්යවරයා පැවසුවේ.
දැඩි කථාබහක් මතුවූ තිස්සමහාරාම වැවේ, සිදුකළ කැණීම් ව්යාපෘතිය යළි ආරම්භ කිරීමට පූරාවිද්යා දෙපාර්තමේන්තුව අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර කරමින් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව නව සෞඛ්ය මාර්ගොපදේශ මාලාව අනුව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සීයයට 25ක් වන පරිදි හෝ උපරිම 150 සංඛ්යාවකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇත.
එමෙන්ම පුජනීය ස්ථාන යලි විවෘත කිරීමට ද නව සෞඛය මාර්ගොපදේශ මාලාව යටතේ අවසරය හිමිව තිබෙනවා.
රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන විවෘතව කිරීමට අවසර ලබාදී ඇත අතර එය අවම සේවක සංඛ්යාවකින් කටයුතු කළ යුතුවේ. අවශ්යතාවය මත ආයතන ප්රධානියාට සේවකයින් ගෙන්වා ගැනීමේ සංඛ්යාව තීරණය කළ හැකි අතර එසේ කිරීමේ වගකීම ආයතන ප්රධානියා වෙත පවරා ඇත.
කෙසේවෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් තව දුරටත් ඉදිරි දින 14ක් සඳහා නොවෙනස්ව පවතිනු ඇති බව ද එහි සඳහන් වනවා.




(NEth)
කෑගල්ල දිස්ත්රික්කයේ මලවිට ග්රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 03 කොටස අද (10) අලුයම හයේ සිට හුදෙකලා කර තිබේ.
ශ්රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කර පාලම යාකිරීම (10) සිදුකෙරුණි.
ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
The programme to administer vaccines to shield against COVID-19 for all teachers in the country will commence from tomorrow (12), Education Minister Prof. G.L. Peiris said.
Page 336 of 648