රජය පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
The Government today tabled a supplementary estimate of Rs 200 billion to control the spread of COVID-19 pandemic and for other government expenses.
තවත් කොරෝනා ආසාදිතයින් 2,131 නෙකු වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේනද්‍ර සිල්වා පැවසුවේ ඒ අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වසර දෙකක් ඇතුළත සමස්ත රටම ආවරණය වන පරිදි සන්නිවේදන කුලුනු ඉදි කිරීමට පියවර ගන්නා බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ පැවසීය.
රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් නැවත විවෘත කරන දිනයක් පිළිබදව නිශ්චිතව පැවසිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
මෙම කන්නයේ පොහොර හිඟයක් ඇතැයි පැතිර යන කතාව අමූලික බොරුවක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Pfizer, the vaccine manufacturing giant of the United States, will dispatch 25,000 doses of its vaccines to Sri Lanka before July 10 to initiate mass inoculation with it as a trial, a Minister said.
කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදිකෙරෙමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ හතරවන රථගාල කොළඹ – 11 අබ්දුල් කාදර් මාවතේ (ගෝල්ඩ් සෙන්ටර් ආසන්නයේ) ඉදිකිරීමේ කටයුතු පසුගිය 20 වැනි දින ආරම්භ කෙරිණ.
දිස්ත්‍රික්ක 02ක අයත් ප්‍රදේශ කිහිපයක් අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඊයේ(21 ) වන දින සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ මගින් ද්විත්ව පුරවැසි භාවය හිමි අයට විශේෂ නිරෝධායන මාර්ගෝපදේශ හඳුන්වා දි තිබේ.ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට සෘජුව නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව ලැබේ.
The Health Ministry has issued updated health guidelines regarding workplace capacity for Government, semi-Government, and private institutions in the Western Province.
මෙරට වෙළඳපොළේ නිසි ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් වර්ග ඇත්තේ 3ක් පමණක් බව පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවින් මියයාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අද සිට ලබන ජූලි මස 5 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට යටත්ව කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් බව පොලීසිය යළි සිහි කැඳවනවා.
ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට අයදුම්පත් කැඳවා ඇත.
සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.
Anusha Pelpita, who resigned from the post of Secretary to the Ministry of Industries, has been appointed as the Chairman of the Development Lotteries Board (DLB).
Page 336 of 639