දෙදහස් විස්ස අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගනිමින් දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස් දෙනා සහ ඉතිහාසයේ පළමු වතාවට විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත් දෘශ්‍ය ආබාධ සහිත දරුවන් දෙදෙනෙකු අද (22) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
පොහොර අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. අද පෙරවරු 10 යි 30 ට පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම තවත් පාර්ශව රැසක නියෝජිතයින් සහභාගීවීමට නියමිතයි.
කුමන එන්නතක් ලබාගෙන තිබුණද, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේදී කිසිඳු ගැටළුවක් ඇති නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඔහු කියා සිටියේ මීට පෙර ලබාගත් එන්නත පිළිබඳ නොසලකා වයස් කාණ්ඩව නිවැරදි නම් බූස්ටර් මාත්‍රාව ලබාගත හැකි බවයි.
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන්, පසුගිය සතිය තුළ සහතික කිරීමේ සේවා අඩාල වූ අතර සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූ බව කාරුණිකව දන්වා සිටිමු.
ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 05ක් භාවිතය තහහනම් කරමින් 2014 වර්ෂයේදී නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාසල්වල දැනට ආරම්භ කර නොමැති 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කිරීම අද (22) සිදු කෙරේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව යි. එමෙන්ම පොහොර ආනයනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව අද (22) දිනයේ කරුණු සොයා බැලීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙවර මහ කන්නය සඳහා වගාවන්ට අවශ්‍ය කෘමිනාශක ද්‍රව්‍ය යෙදීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනය වන සෑම වාහනයකම මගීන් තුන්දෙනෙකු හෝ හතරදෙනෙකු අනිවාර්යයෙන්ම ගමන් කළයුතු බවට නීතියක් පැනවිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් ව්‍යාපෘති හතරක් සඳහා සෘජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇතැයි රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.
එක රටක් - එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය මහජන අදහස් විමසීම උතුරු පළාතෙන් අද ආරම්භ කළා.
රාජ්‍ය අංශයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් ගෙන ආ යෝජනාව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අදාළ නොවන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
Page 261 of 642