ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (07) දින පැවසීය.
A special contributory pension scheme for migrant workers is being prepared and will be implemented from January next year, according to Labor Minister Nimal Siripala de Silva.
විදේශ ගතව සිටින ශ්‍රමිකයින් විසින් මෙරටට සිය මුදල් එවීම සඳහා යොදා ගනු ලබන NRFC ගිණුම්වල ඇති විදේශ මුදල් අද මධ්‍යම රාත්‍රිය වන විට රුපියල් වලට මාරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල පවසනවා.
ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය වැනි සිදුවීම් නැවත සිදු නොවීමට වග බලාගත යුතු අතර ඉස්ලාම් ආගමික නායකයින් ඉදිරියට පැමිණ එවැනි දේ ඔවුන්ගේ ආගමේ සඳහන් නොවන දේ බවත් ඒවායෙහි ප්‍රතිවිපාක පැහැදිලි කළ යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
මෙරට කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ දායකත්වය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු අමාත්‍යවරයෙකු සහ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රෝහිත බෝගොල්ලාගම මහතාව පත්කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.
පොලිතීන් ආවරණ මුද්‍රාව නොසලකා හැර නිවෙස්වල සහ වෙළඳපොලේ ඇති සියලුම ගෑස් සිලින්ඩර් ආපසු ලබා ගැනීමට අදාළ සමාගම් වෙත පාරිභෝගික අධිකාරිය උපදෙස් ලබාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන්ද සිය සංවිධානය ඉල්ලීමක් කළ බවයි.
Steps will be taken to digitalise the transport services to provide an efficient and comfortable public transport service to commuters by 2022, Transport Minister Pavithra Wanniarachchi said.
අඛණ්ඩව ඉන්ධන සැපයුමත් සමඟ තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
රසායනික පොහොර සඳහා පනවා තිබූ ආනයන තහනම ඉවත් කිරීමට රජය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කරමින් කටයුතු කර තිබේ.
Page 256 of 645