Monday, May 04, 2026
Follow Us
ජනපති යලි දිවයිනට පැමිණෙයි

සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ දී ආපසු දිවයිනට පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.

ජනාධිපතිතුමා සමග මෙම සංචාරය සඳහා තවත් 05 දෙනෙකු එක් වී සිටියා.

මෙම පිරිස ඊයේ දින මධ්‍යම රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ජනාධිපතිතුමා ඇතුළු මෙම පිරිස පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත් 13 වෙනිදා දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.

(Neth)