Tuesday, February 24, 2026
Follow Us
2022 සිට පාසල් සිසුන්ට අලුත් විෂයයක්

ගුරුවරුන් 2,700ක් ලබන වසරේදී පාසල් පද්ධතිය‌ට


ලබන වසරේ සිට 6 – 13 ශ්‍රේණි දක්වා සිසුන්හට නව විෂයක් ලෙස ‘වෘත්තීය මාර්ගෝපදේශය’ ඇතුළත් කරන බව මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්‍යක්ෂ සිතාරා ජයසේන පැවැසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (13 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ඒකාබද්ධව මේ දිනවලදී විෂය මාලා සංශෝධන කටයුතු සිදුකෙරෙන බවද ඇය කීවාය. අදාළ නව විෂය ඉගැන්විය හැකි ගුරුවරුන් පාසල් තුළ නොමැති හෙයින් ඊට අදාළ ගුරුවරුන් පහළොස්දහසක් මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් පුහුණු කරයි.

එහි මූලික අදියර ලෙස ගුරුවරුන් 2,700ක් ලබන වසරේදී පාසල් පද්ධතිය වෙත අනුයුක්ත කිරීමට නියමිතය.

(Aruna)