සෑම රාජ්‍ය සේවකයෙකුටම මෙම මස සිට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව පෞද්ගලික අංශයට ද එම දීමනාව ලබාදීමේ හැකියාව සොයා බැලීම සඳහා වහාම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන “ආසියාවේ රැජිණ’” ලෙස නම් කර ඇති නිල් මැණික සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක මිලක් යෝජනා කර තිබෙනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළව දැනට ඉන්දීය රජය සමග පවතින ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවයකට එළඹ තිබෙනවා.
කිඹුලෙකු දෙහිවල මුහුදු ප්‍රදේශයට පැමිණීම සාමාන්‍ය සිද්ධියක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ ඇතැම් කිඹුලන් මුහුද හරහා තම වාසස්ථාන වෙත ගමන් කිරීම සිදුවන තත්ත්වයක් බවයි.
President Gotabaya Rajapaksa attending the event in which he was awarded the Honorary Title of “Sri Lankadheeshwara Padmavibhushana” by the Sri Kalyani Samagridharma Maha Sangha Sabha at Kotte yesterday (02) said he is capable of bearing insults posed by certain people with equanimity.
රජය ලබාදුන් විශේෂ ආර්ථික සහන සඳහා රුපියල් බිලියන 229 කට අධික මුදලක් වැයවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වලට අද සිට නව ආරක්ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ එම මත්පැන් බෝතල් සහ කෑන් මත ස්ටිකරය අලවන බවයි.
Page 241 of 642