සතොස සභාපතිවරයාගේ හා එහි ප්රවාහන කළමනාකරුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ, අමාත්ය බන්දුල ගුණවර්ධන විසින්.
මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයිනගේ වැඩිවීම සුලුවෙන් තැකිය නොහැකි බව සෞඛ්ය අංශ පවසනවා.
ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරි මාස කිහිපය තුළ බූස්ටර් එන්නත් මාත්රාව ඉලක්කගත ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ප්රවර්ධනය කිරීම සඳහා අවශ්ය මූලික කටයුතු මේවනවිට සූදානම් කර ඇති බව සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග පවසනවා.
SLPP MP Anura Priyadharshana Yapa was unanimously elected to serve as the Chairman to the Committee on Public Finance at its first meeting held on Tuesday.
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම වසර 05 ක් තුළ වාර්තා වූ අඩුම ප්රතිශතය මේවනවිට පෙන්නුම්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව එම ජල ප්රතිශතය ප්රමාණවත් වන්නේ සති දෙකක කාලයක් සඳහා විදුලිය නිපදවීමට පමණයි. ඉකුත් වසර 05 ට සාපේක්ෂව මෙම කාලය තුළ ජල මට්ටම අඩු වුවද, විදුලිය නිපදවීම ඉතා ඉහල අගයක පවතින බවයි විදුලිබල මණ්ඩලයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයෙකු සඳහන් කළේ.
මධ්යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්රියාවලිය නව මුහුණුවරකින් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. ඒ, මාර්ගය ඉදිකිරීම් සඳහා පළමු වරට ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවට අදාළව ප්රසම්පාදන ක්රියාවලිය යළි ආරම්භ කිරීමත් සමඟයි.
Page 230 of 648