රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරය වන බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඉදිරි කාලය තුළදී එම කාර්යය සඳහා ප්‍රධාන තැනක් ලබාදෙන බවයි ඇමතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර පසුගිය 20 වනදා පැවැත්විණි.
මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද දහවල් පැවති සාකච්ජාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
A digital wallet will be introduced to all citizens after the issuance of the Digital National Identity Card, Minister Namal Rajapaksa said.
මේ වන විට පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව 2014 වසරේ සිට මේ දක්වා විදුලි උත්පාදනයට කිසිදු ප්‍රධාන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ 2016 වසරේදී ඉදිරි වසර 20 වෙනුවෙන් සකස් කළ ජාතික විදුලි ජනන සැලැස්මේ නිර්දේශ පවා ක්‍රියාත්මක කර නොමැති බවයි.
දැවි තෙල් නොමැති වීම හේතුවෙන් බත්තල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද තවත් නොබෝ වේලාවකින් නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ශ්‍රී ලංකාව යනු දවසට පැය 12ක් සූර්ය ආලෝකය ලැබෙන රටක් බැවින් සෑම වහලක්ම විදුලි බලාගාරයක් බවට පත්කළ හැකි වුවත් ඉංජිනේරුවන් රැළක් ඊට ඉඩ නොදෙන බවත් වත්මන් විදුලි අර්බුදය නිර්මාණය වී ඇත්තේ ඒ නිසා බවත් බහාලුම් අංගන සහ ගුදම් පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.
වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහාය වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
Page 231 of 642