බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් ලෙස සුළු වැරදි සඳහා නිවාස අඩස්සියේ තැබීමේ ක්රමය හඳුන්වාදීමට අවධානය යොමුව තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ප්රතිසංස්කරණයන්ට ලක්විය යුතු අංගයන් හඳුනා ගනිමින් ඒවාට පිළියම් සහිතව සකස් කර ඇති පස් අවුරුදු සැලැස්මෙන් එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහායි.
දේශීය ඉල්ලුම සපුරාලීමට අවශ්ය තරම් දියර කිරි තිබියදී පැය ගණන් පෝලිම්වල රස්තියාදු වී විදේශීය කිරිපිටි මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුවක් බවත්, දියර කිරි තිබියදී කිරිපිටි පරිභෝජනය වැඩිවීම කණගාටුවට කරුණක් බවත් ප්රවාහන රාජ්ය අමාත්ය දිළුම් අමුණුගම මහතා පවසනවා.
ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ජනාධිපතිවරණයට පෙර අනුරාධපුර සල්ගාදු ක්රීඩාංගනයේදී පැවති පළමු මැතිවරණ රැළියේදී රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවටත් ගොවියාගේ වී අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙන බවත් පොරොන්දු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වනවිට පොහොර ඇතිව හෝ නැතිව හෝ ගොවි ජනතාවගේ ආදායම 100% කින් ඉහළ දැමීමට සමත් වී ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, සේවා සපයන ආයතන, සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේත් ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස් කරන බව සංචාරක අමාත්යංශය පවසනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත්රයේ නිරතවූවනට සහන සැලසීමේ වැඩ පිළිවෙල යටතේ 2020 වසරේදී මෙම සහනය ප්රකාශයට පත් කළ අතර මේ වසර තුලද එම සහනය තවදුරටත් ලබාදීමට තීරණය කළ බවයි සංචාරක අමාත්යංශය සඳහන් කළේ.
කටුනායක ගුවන් තොටුපොල දක්වා මගී ප්රවාහන දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වාහන නියාමන, බස් රථ ප්රවාහන සේවා හා දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම පවසනවා.
දිවයින පුරා ගොවීන්ගෙන් අමුකහ කිලෝග්රෑම් ලක්ෂයක් මේ වනවිට මිලදී ගෙන ඇති බව කුලුබඩු, වැවිලි බෝග ආශ්රිත කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්යාංශය පවසනවා.
Companies with over Rs. 2 b taxable income for FY21 liable
Surcharge Tax Bill published in Gazette after Cabinet nod
Bill drafted in keeping with 2022 Budget proposal
Tax to be paid by liable individual/entities in two instalments by March and June this year
Tax to be calculated in accordance with the Inland Revenue Act of 2017
වාහන එකලස් කිරීමේ කර්මාන්ත ක්ෂේත්රයේ දේශීයව අගය එකතු කිරීමේ ප්රතිශතය ක්රමානුකූලව ඉහළ දැමීමට අවශ්ය පියවර ගනිමින් සිටින බව වාහන නියාමන, බස් රථ ප්රවාහන සේවා හා දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම පවසනවා.
විධිමත් පටිපාටියෙන් බැහැරව 06 ශ්රේණිය සඳහා සිසුන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අනුමත කිරීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට චෝදනා එල්ල වනවා. කුරුණෑගල මලියදේව බාලිකා විද්යාලයේ 06 ශ්රේණියට සහ හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්රේණියට සිසුවියන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අධ්යාපන අමාත්යංශ ලේකම්වරයා අදාළ පාසැල්වල විදුහල්පතිවරුන් වෙත ලිපි නිකුත් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
President Gotabaya Rajapaksa has directed the relevant officials to immediately release the containers of essential items held up at the Customs.
Page 231 of 648