බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයේ ප්රතිප්ගලයක් ලෙස ඉන්දියාවෙන් යෝජනා වී තිබෙන ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 2.4ට අදාළ ගිවිසුම් සම්පූර්ණ කර ගැනීම සඳහා යළි ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවට යාමට සිදුවන බව විදේශ අමාත්ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඉන්ධන මිල සූත්රය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල පවසනවා. එය මේවනවිට සකස් කර අවසන් බවයි අමාත්යවරයා පැවසුවේ.
ශ්රී ලංකාවේ වසර 30කට අධික කාලයක් ක්රියා විරහිතව තිබූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව බිල්ට් ඔපරේෂන් සහ ට්රාන්ස්ෆර් (BOT) ගිවිසුම යටතේ එහි මුල් ආයෝජකයා වන M G Sugars Lanka (Pvt) Ltd නව ඉඩම සිංගපූරු සමාගමක් වන SLI Development Pvt. Ltd. සමාගම හා ඒකාබද්ධව පුනර්ජීවනය කර ප්රතිව්යුහගත කිරීමට සූදානම් වන බව මුදල් අමාත්යාංශයේ කැබිනට් පත්රිකාවකින් සඳහන් කර ඇත.
ඇතැම් පුද්ගලයින් දරුවන්ද රැගෙන සිගමන් යැදීම මේ වන විට බහුල වශයෙන් මහාමාර්ගවල දක්නට ලැබෙනවා. මෙවැනි කුඩා දරුවන් සමග සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව වගකිවයුත්තන් වහා පියවර ගත යුතු බවයි ඇතැමුන් පවසන්නේ.
වී තොග, වී අලෙවි මණ්ඩලයේ ශාඛා වෙත රැගෙනවිත් භාරදෙන්නේ නම් වී සඳහා වැඩි මිලක් ලබාදෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති නීල් ද අල්විස් පැවසුවේ ඒ අනුව සහතික මිලට වැඩියෙන් රුපියල් 02 ක් ගෙවීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බවයි.
“සෞඛ්ය ක්ෂේත්රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයක් කරන්නේ නෑ” බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස නම් කරමින් සෞඛ්ය ඇමති කියයි…
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් අධිභාර බද්දක් අයකර ගැනීමේ යෝජනාවට මේවනවිට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා. එවන් පසුබිමක එම යෝජනාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ද සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
සමෘද්ධි සහනාධාර මුදල හෙට සිට සියයට 28 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩිවූ සහනාධාර මුදල හෙට සිට සමෘද්ධි මූල බැංකු හරහා ලබාගැනීමේ අවස්ථාව සමෘද්ධි ලාභීන්ට හිමිවන බවයි සමෘද්ධි රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ.
Page 229 of 648