ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ මොහොතේ රට තුළ පවතින බවයි එම සංස්ථාව පැවසුවේ. ඒ අනුව බොහෝ ප්‍රදේශවල පැවති ඉන්ධන හිගය අද දිනයේදී අවසන් වනු ඇති බවටද එම සංස්ථාව විශ්වාසය පල කළා.
බන්දු සමරසිංහ මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටිනවා.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලංකා IOC සමාගම ඉන්ධන මිළ ඉහල දමා ඇති පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩි කිරීමට සූදානම් දැයි නෙත් නිවුස් විමසීමක් කලා.
2022 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය අද ආරම්භ වනවා. කෙසේ වෙතත් කලින් සැලසුම් කර තිබූ පරිදි අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළේ.
යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් පිළිබද අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.
නව අමාත්‍ය මණ්ඩලය අප්‍රේල් 18 වනදා දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අද දිනයේ නියමිතව තිබූ විදුලිය කප්පාදුව අඩු කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම මීට පෙර තීරණය කර තිබුණේ අද දිනයේ පැය 04යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි.
මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පහසුකම් හෝ සැලසීමට බලධාරීන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින අර්බුධකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් බිදවැටෙමින් පවතින බවයි.
තමන් කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇති බව ආරංචිමාර්ග පවසයි.
Page 202 of 645