Friday, February 20, 2026
Follow Us
ඉන්දියාවෙන් ගෙනා සහල් සතොසෙන් දෙයි

සතොසේ සහල් මිල මෙන්න


ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 40,000ක් දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් හරහා අලෙවිකිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.

ඒ අනුව, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 145කටත් , සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් අලෙවිකිරීමට නියමිතය.

එක් පාරිභෝගිකයෙකුට මිලදීගත හැක්කේ සහල් කිලෝග්‍රෑම් පහක් පමණය.

(Aruna)