රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්යාංශයේ ලේකම් විසින් විශේෂ චක්රලේඛයක් සියලුම අමාත්යාංශ, රාජ්ය අමාත්යාං, පළාත් සභා ප්රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්රධානින් වෙත නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියා තමන්ට විශ්වාස බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ප්රකාශ කර සිටිනවා.
කිසිඳු පෙර දැනුම්දීමකින් හෝ අවසරයකින් තොරව මේ වනවිට පාරිභෝගික භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ඇතැම් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජනතාව දැනගන්නේ ද එම භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසැලට ගිය අවස්ථාවේදීයි. සහල්, සීනි, පරිප්පු වැනි අත්යවශ්ය ආහාර ද්රව්ය මෙන්ම සබන් සහ සිමෙන්ති ඊට ආසන්නතම උදාහරණයි.
වර්ජනය හමුවේ පොදු ප්රවාහන සේවාවන්ට හානිකරන සහ පෞද්ගලික ප්රවාහන සේවාවලට බලපෑම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසට මේ වන විටත් පොලීසියට දැනුම් දී ඇති බව ප්රවාහන අමාත්ය දිලුම් අමුණුගම පවසනවා.
පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම පවා සීමා කර ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් තිලකරත්න පැවසුවේ කොළඹ ජාතික රෝහලේ පවා ඖෂධ ලබා දීම සීමා කර ඇති බවයි.
ජාත්යන්තර මූල්ය අරමුදල සමග වැඩසටහනකට යමින් ණය ප්රතිව්යුහගත කිරීමට ශ්රී ලංකාව කටයුතු කරමින් සිටියත් චීනය ඊට අකමැත්ත ප්රකාශ කර ඇති බව කැබිනට් ප්රකාශක නාලක ගොඩහේවා මහතා පවසයි.
ප්රශ්නගත ඉඩමකට අදාළව කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කරමින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (Sri Lanka Tourism Development Authority – SLTDA) සභාපතිනිය වන කිමාලි ප්රනාන්දු පිළිබඳව ඉකුත් පෙබරවාරි මස LNW අපි ඔබට තොරතුරු වාර්තා කළෙමු. එපමණක් නොව එම ප්රශ්නගත ඉඩමට අදාළව සංචාරක අධිකාරියේ බලය අවභාවිතා කරමින් මුල පටන්ම කිමාලි ප්රනාන්දු හැසිරුණු අන්දම, ඇගේ පවුල් සංග්රහය හා ඊට අදාළව ලබා දුන් අධිකරණ නියෝග පවා නොතකමින් ඈ හැසිරුණු අන්දම පළමු වරට හෙළිදරව් කළේ LNW අප ය.
Page 201 of 648