ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසයි.
Finance Minister Ali Sabry said yesterday his office had started initial consultations on the increase of fiscal revenue from the present 8.5 percent of the Gross Domestic Product (GDP) to 13-14 percent.
පවතින භූමිතෙල් හිගය තවත් දින කිහිපයකින් අවසන් කිරීමට හැකිවනු ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේවනවිට බොරතෙල් රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති අතර එය ලබන සතිය තුළ නිදහස් කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.
පසුගිය අප්රේල් 19 වනදා පත්කෙරුණු කැබිනට් මණ්ඩලයේ සහ රාජ්ය අමාත්යවරුන්ගේ විෂය පථ සහ කාර්යයන් සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.
මෙවර ජාත්යන්තර කම්කරු දිනය එළඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්රජාව දැවැන්තම අභියෝගයකට ලක්ව සිටින අවස්ථාවකදී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කම්කරු දිනයේදී සියලුදෙනා එක්ව පවතින අභියෝග ජයගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයින්ට තමන් නැවතත් ආරාධනය කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවුඩයේ දැක්වෙන්නේ.
අද දිනයේ සාමාන්ය පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඊයේ සිදුකළ වෘත්තිය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වුණා. කෙසේවෙතත් අද දිනයේ නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ පැවසුවේ.
Page 200 of 648