පවතින තත්ත්වය අනුව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන භාවිතයේදී සහය අපේක්ෂා කරන්නේ නම් ඊට සහයෝගය ලබාදීම රාජ්‍ය අංශයේද වගකීමක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පවසනවා.
අද දිනයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එමෙන්ම දිවයිනේ පිරවුම් හල් කිහිපයක් විවෘත කර තැබීමට උපදෙස් දුන් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ ප්‍රකාශකයකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපිද්‍රව්‍ය සඳහා සිදු කරන වියදම් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඉහළ නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ
අප්‍රේල් 16 සහ 17 දෙදින තුළ විදුලි කප්පාදු කරන කාලය අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 2යි මිනිත්තු 15 ක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි.
අළුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වනවා. ඒ අනුව එම ජනතාවගේ පහසුව වෙනුවෙන් අද සිට අතිරේක බස්රථ ද ධාවනයට එක්කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා. මේ, එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස.
ඉන්ධන රැගත් නෞකා 02 ක් අද මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ අදාළ නෞකා දෙකෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,000 ක් මෙරටට රැගෙන එන බවයි. ඉන්දීය ණය ආධාර යටතේ එම නෞකා 02 මෙරටට ලගාවන බව ද ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
බලපෑමට ලක් වූ සියලුම ණය සඳහා සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලික කාලයක් සඳහා ගෙවීම් අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කඩිනමින් ඉන්ධන ලබා දීමට නව වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු සකස් කරමින් තිබෙනවා. මේ සඳහා ආකෘති අයදුම්පත්‍රයක් ද මේවනවිට සකස් කර අවසන්. ඒ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයන කිරීමෙන් අනතුරුව එය අත්‍යවශ්‍ය සේවාවන් සපයන පුද්ගලයින් වෙත ලබාදීමට නියමිත බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. මෙහිදී සිදුවන්නේ පෝළිම්වල රැදී නොසිට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කිරීම මෙහි අරමුණයි.
Page 203 of 645