Ratata Hetak CSR programme today requested the speaker to take action to uplift the grade of the Sri Lanka Passport while enabling people to travel to at least 190 countries without a VISA.
ඉදිරි සති 03ක කාලය ඉන්ධන සහ ගෑස් සපයා ගැනීම අතින් දුෂ්කර කාල සීමාවක් බවත්, මේ හේතුවෙන් තමන් පමණක් ගැන නොසිතා කටයුතු කිරිමට රටේ සියලුම ජනතාව සිතට ගත යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා.
මෙරට පැරණි කෘෂිකාර්මික ශිෂ්ටාචාරය යළිත් පිහිටුවා දේශීය නිෂ්පාදන අතිරික්තයක් ඇති කර ලෝකයේ වෙනත් රටවලට ද ආදර්ශයක් සැපයිය යුතු බව රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ජාත්යන්තර අරමුදලේ පිහිට පැතීමට බොහෝ කාලයක් බලා සිටිය බවත්, අවම වශයෙන් මීට මාස 06කට හෝ අවුරුද්දකට පෙර IMF වෙත ගියා නම් දැනට පවතින තත්වයට නොපැමිණිමට ඉඩ තිබු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කර සිටිනවා.
විදුලිබිල වැඩි කළ යුතු බවට සිය ආයතනය, විදුලිබල හා බලශක්ති අමාත්යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු පවසනවා.
2022 ජාතික පොසොන් උත්සවය මිහින්තලාව, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 2330 වන වරට පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවයේ තේමාව “දේශය මිථ්යාවෙන් මුදා ගනිමු” යන්නයි.
ඉදිරි මාසය සඳහා ඉන්ධන ලබා ගැනීමට ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ තවත් ඩොලර් මිලියන 500ක් ලබා දීමට එකඟවී ඇති බව බලශක්ති අමාත්ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. එම ණය යෝජනා ක්රමය සම්බන්ධයෙන් වන කොන්දේසි සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ජා කරන බවයි අමාත්යවරයා සඳහන් කළේ.
අත්යවශ්ය රාජ්ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්ය අරමුදල් සපයා ගැනීම සදහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා, මුදල් අමාත්යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවට අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්ය සේවකයින්ට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධාන උපදේශකවරයා වූ ලලිත් වීරතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
Page 183 of 648