Thursday, July 23, 2026
Follow Us
සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තීය මාර්ගෝපදේශනයක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් සංවිධානය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි මාර්ගගත (online ) ක්‍රමය ඔස්සේ දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති බවයි.

වැඩිදුර තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ www.dome.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

Aruna