ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ආගමික ස්ථාන සතු ඉඩම්වල වගා කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙනවා.
කුඩා දරුවන් තනිව මහමඟ කිසිදු කටයුත්තක නොයොදන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මවුපියන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
පැය 02 විනාඩි 10 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අනුමැතිය ලබා දී ඇත.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය අද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ, උදෑසන දහයටයි.
ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සදහා ගොවීන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටළු කිහිපයකට කඩිනම් විසදුම් ලබා දිය යුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ බීජ, කෘෂි රසායනික හා පොහොර ගැටළු මෙන්ම සී සෑමේ දී මුහුණ පෑමට සිදුව ඇති ඉන්ධන ගැටළුවට වහාම විසදුම් ලබා දිය යුතු බවයි.
දැනට ක්‍රියාත්මක අමාත්‍යංශය සඳහා අයත් රාජ්‍ය ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විශේෂ දුම්රිය සහ වෙන් කළ ආසන සඳහා අයකරන ගාස්තු සියයට 30කින් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ ජුනි මස පළමුවනදා සිට එම ගාස්තු වැඩි වීම ක්‍රියාත්මක වන බවයි.
අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් තව දුරටත් පවත්වා ගෙන යාමට හා සහන ලබා දීම සඳහා රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කුඩා දරුවන් තනිව මහමඟ කිසිදු කටයුත්තක නොයොදන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මවුපියන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජුනි මාසය වෙනුවෙන් ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554ක් පමණ අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
Page 184 of 645