බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නියම කර තිබේ.
2022/23 මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින්ගෙන් ගුරු සේවයට 26,000ක් බඳවා ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් ඔහුව ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කිසිම ආයතනයක් වැසීමට තීරණය කර නොමැති බවත් ආයෝජනයක් කරනවාද නැතිනම් කළමනාකාරීත්වයකට භාර දෙනවාද යන ක්‍රම පිළිබඳ සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලුගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙතෙක් ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාව අද (30) පන්නල, එලිබ්ච්චිය ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.
කොරියානු ජනරජයට අයත් කැට පොහොර නිෂ්පාදන සමාගමක් වන Hyosong OnB සමාගම විසින් 100% පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාව මගින් සිදු කරයි.
මෙම කර්මාන්ත ශාලාව මුළුමනින්ම අධිතාක්ෂණික උපකරණවලින් සමන්විත වන අතර, කාබනික කැට පොහොර නිෂ්පාදනය සඳහා රොබෝ තාක්ෂණය පවා යොදාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ කාබනික කැට පොහොර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1,800ක් මෙම කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදන කිරීමට නියමිතය.
ඩොලර් මිලියන 05ක් වැනි මුදලක් ආයෝජනය කරමින් මෙම කර්මාන්තශාලාව මෙරට පිහිටුවීමට කටයුතු කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියෝන්ග් මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කෙරිණි.
දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරිමේ ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු ඉදිරි මාස පහ තුළ අවසන් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය - 2023 සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමු කර නැත.
Two sub-committees to make the Revenue Administration Management Information System (RAMIS) efficient
Page 95 of 644