රට තුළ පවතින පවතින අර්බුදය හමුවේ ඒ සඳහා විසඳුම් ලබාදීමට නම් උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන මගින් ධීවර කර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, උතුරු නැගෙනහිර පළාතේ උසස් අධ්‍යාපන ආයතනවලට සම්බන්ධ පිරිසක් ඊයේ ධීවර අමාත්‍යාංශයේදී ඔහු හමු වූ අවස්ථාවේදීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, වර්තමානය වන විට බොහෝ රටවල් මත්ස්‍ය සම්පත් නෙලා ගැනීම සඳහා මුහුදට යාමට අමතරව කරදිය හා මිරිදිය වශයෙන් පොකුණු තුළ මත්ස්‍ය කර්මාන්ත සිදු කිරීමට පෙළඹී ඇති බවත්, එමගින් අනවශ්‍ය ඉන්ධන වියදමද අවම කර ගත හැකියාවක් පවතින බවත්ය.
ඉදිරියේදී ලෝකය මුහුණ දෙන ඉන්ධන අර්බුදයෙන් මිදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්ත කර ගෙන යාමට අවශ්‍ය නවීන තාක්ෂණය හඳුන්වාදීමට අපේක්ෂාව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.