Thursday, November 07, 2024
Follow Us
විදුලිබලයට දීර්ඝ කාලින ජනන සැලැස්මක්

ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම (2023-2042) සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 ජනවාරි 1 වනදා සිට 2023 ජනවාරි 31 දක්වා ඉන්ධන ආනයනය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි .

මෙම දීර්ඝ කාලින ජනන සැලසුම රජයේ ප්‍රතිපත්තිය වන 2030 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය, 2050 වන විට කාබන් උදාසීනත්වය ලබා ගැනීම සහ නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීම යන ප්‍රතිපත්තියට අනුකුලව සකස් කර ඇත.

 

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තාව මගින් පසුගිය 2022 ජනවාරි 1 වනදා සිට 2023 ජනවාරි 31 වනදා දක්වා ඉන්ධන ආනයනය වෙනුවෙන් ඉදිරිපත් කල ටෙන්ඩර්, ප්‍රතික්ෂේප වූ ටෙන්ඩර්, සාර්ථක ටෙන්ඩර්, ටෙන්ඩර් නොවන ලැබූ යෝජනා, ක්‍රියත්මක කරන ලද යෝජනා, ඉන්දියානු ණය ක්‍රමය මගින් ආනයනය කල ඉන්ධන, මෙරටට ආනයනය කල බොර තෙල්, පිරිපහදු ඉන්ධන සහ ගුවන් යානා ඉන්ධන වල ඇණවුම් විස්තර, මිල ගණන්, ගසත් ඇතුළු සියලු විස්තර ඇතුලත් වේ.