ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මඟින් නීතිගත කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් රජය තීරණය කර තිබේ.
1999 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක මණ්ඩලය ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම මෙන්ම ඒ හා සම්බන්ධ දේශීය, විදේශීය, ආර්ථික සහ හමුදා ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ මූලික විධායක ආයතනය වශයෙන් කටයුතු කිරීම ද සිදු කරනු ලබයි.
2023.01.12 දින ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් ජාතික ආරක්ෂක මණ්ඩලය ව්‍යවස්ථාපිත පදනමක් මත සහ පැහැදිලි සංයුතියකින් යුතුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව නිර්දේශ මේ සඳහා ලැබී තිබිණි.