පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ නිල ඇඳුම් බෙදාහැරීම අද (23) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ දී පැවත්වීණ.
මෙහි පළමු කොටස මීට මසකට ප්‍රථම චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු අතර සිසුන්ගේ වයස, අවශ්‍යතා හා වර්ණ අනුව ප්‍රමිතිගත ව ඇසුරුම් කර තිබේ. මෙම පාසල් නිල ඇඳුම් මුලින් ම අගනුවරින් දුරබැහැර උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව වැනි පළාත්වල දිස්ත්‍රික්ක සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා බෙදාහැරීමට නියමිතය.
දේශීය සැපයුම්කරුවන්ගෙන් ඉතිරි 30%ක නිල ඇඳුම් ප්‍රමාණය සපයා ගැනෙන අතර එම ප්‍රමාණ හා චීනයෙන් ලැබෙන ඉතිරි නිල ඇඳුනුත් දෙවනු ව වයඹ, මධ්‍යම, දකුණ හා බස්නාහිර යන පළාත්වලටත් වශයෙන් බෙදාහරිමින් ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙම නිල ඇඳුම් බෙදා අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.
රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් හා පිරිවෙන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රභේද 24ක් මෙසේ බෙදා හරිනු ලැබේ. පෙර වර්ෂවල මෙන් ම කිසි දු හිඟයකින් තොර ව සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව ම සපුරාලිමට නියමිතය.ඒ සඳහා චීනයෙන් ලද රුපියල් බිලියන 5.5ක නිල ඇඳුම් ප්රදානය ද ඇතුළු ව සමස්ත වියදම රුපියල් බිලියන 7.8කි.