ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) සම්බන්ධ සංකල්පමය ප්‍රතිපත්තිය පිළිබඳ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ කෘෂිකර්මාන්තය, සත්ත්ව නිෂ්පාදන හා ධීවර කටයුතු පිළිබඳ එක් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ ක්‍රියාකාරී කමිටුවේදී සාකච්ඡා විය.
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍ර සදහා එම ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් පත්‍ර 3,265ක් යොමුකර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය 15 වනදා සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමය හඳුන්වා දුනි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ රැස්වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කෙරිණි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තොම්බර් මස 15 වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරමින් ඔවුන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
- ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට
කටයුතු කරනවා
- 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රජයේ අරමුණයි
-ජනපති පවසයි
ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC හි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන් හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා මෙතෙක් වෙන් කර ඇති වැඩිම මුදල ඉදිරි වසර තුන සඳහා ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් 'ගොඩවෙල්ලා දළඹු' හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති ලේකම්වරයා පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කරයි
මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි ක්‍රම වේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන සේ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදුකල හැකිය.
විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී ආරම්භ කිරීමට නියමිත බව ටිරාන් අලස් මහතා පවසයි.
නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසුව අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බව ද ඔවුන් කියා සිටී.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බවත් මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙන බවත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහත සඳහන් පරිදි වේ.
|
දිස්ත්‍රික්කය |
ප්‍රාදේශීය ලේකම් කාර්යාල |
|
අම්පාර |
සමන්තුරේ, පොතුවිල් |
|
අනුරාධපුර |
නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන |
|
බදුල්ල |
මහියංගනය, හපුතලේ |
|
මඩකලපුව |
කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි |
|
කොළඹ |
සීතාවක, හෝමාගම |
|
ගාල්ල |
කරන්දෙනිය, අක්මීමන, නෙළුව |
|
ගම්පහ |
මීගමුව, මීරිගම, ගම්පහ |
|
හම්බන්තොට |
තංගල්ල, තිස්සමහාරාමය |
|
යාපනය |
චාවකච්චේරි, පේදුරුතුඩුව |
|
කළුතර |
ඉංගිරිය, මතුගම, පානදුර |
|
මහනුවර |
ගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය |
|
කෑගල්ල |
ගලිගමුව, රුවන්වැල්ල |
|
කිලිනොච්චිය |
කරච්චි |
|
කුරුණෑගල |
පු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය |
|
මන්නාරම |
මන්තායි බටහිර |
|
මාතලේ |
නාවුල |
|
මාතර |
අතුරලිය, දෙවිනුවර |
|
මොනරාගල |
බුත්තල |
|
මුලතිව් |
මුලතිව් |
|
නුවරඑළිය |
අඹගමුව, වලපනේ |
|
පොලොන්නරුව |
ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ |
|
පුත්තලම |
පුත්තලම, හලාවත |
|
රත්නපුර |
බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය |
|
ත්‍රිකුණාමලය |
කින්නියා |
|
වව්නියාව |
වෙංගලසෙට්ටිකුලම |
Page 67 of 638