ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන රජයේ පොදු ගොඩනැගිලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) අමාත්‍යංශ නිලධාරීන් සහ සවි කිරීම් ක්‍රියාත්මක කරන සමාගමේ නිලධාරීන් සමඟ පැවැත්විණි.
2023 යල කන්නයේ වී වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් 2023. 04. 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
දැනට පවතින සංකීර්ණ කම්කරු නීති වෙනුවට ඉදිරිපත් කරනු ලබන සංයුක්ත කම්කරු නීති පද්ධතියේ පළමු කෙටුම්පත මැයි මාසය වන විට සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා සිය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව වෘත්තීය සමිතිවලට, ව්‍යවසායකයින්ට, ස්වාධීන මත දරන ඕනෑම අයෙක්ට විවෘත කර ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
දශක හය හතක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකරන ලද දිවයිනේ දිස්ත්‍රික්ක 11ක තිබෙන වැව් 497ක් ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා (31) ආරම්භ විය .
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් නම් කර ඇති අතර එහි සභාපති වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත මෙම පත්වීම් සිදුකර ඇත.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය, නිලධාරීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගී වූ ප්‍රගති සමාලෝචන හමුවක් අද (06) උදෑසන පැවැත්විණ.
2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනා කරණය කර ගැනීමට යටත් ව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත් සභාවන්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපන වේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇතී බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
"ගුවන් හමුදා හෙරළි පෙරළි" නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ (01) ආරම්භ කෙරිණි .
යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ලෝක බැංකුව මගින් ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ බලශක්ති උපදේශකවරුන් සහවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් අද (03) පැවැත්විණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (අප්‍රේල් 05) කොළඹ වරායේ දී SLINEX-23 ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වන ඉන්දීය නාවික නෞකා නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහා නව ලේකම්වරයෙකු පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
Page 68 of 628