Thursday, August 21, 2025
Follow Us
 ශ්‍රී ලංකා වන විද්‍යායතනය විවෘත කෙරේ

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නුවරඑළියේ රුපියල් මිලියන 1500ක් වැය කර ඉදි කළ ශ්‍රී ලංකා වන විද්‍යායතනය විවෘත කිරීම පසුගියදා (02) වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහි දී අදහස් අමාත්‍යවරිය දැක් වූ අදහස්,

“අභිනවයෙන් ඉදිකළ සඳතැන්න වන විද්‍යායතනය  කුලී පදනම යටතේ පුද්ගලික අංශයට ඔවුන්ගේ වැඩමුළු සඳහා එයට සරිලන ගණනකට ලබාදිය යුතුයි. මෙම ආයතනයේ නඩත්තුව සඳහා වැයවන මුදල් අප සොයාගත යුතුමයි. මෙහි දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් එය සිදු කළ යුතුමයි.  එසේ නොමැතිව රුපියල් මිලියන 1500ක් වැය කර ආයතනය වසා තැබීමෙන් කිසිදු ඵලක් ඇත්තේ නෑ. මෙම ආයතනයේ නඩත්තුව ස්වයංව පවත්වා ගත යුතුයි. ඒ සඳහා ක්‍රමවේදයක් ඇතිකරන ලෙස ද මා ඉල්ලා සිටිනවා”