Friday, November 29, 2024
Follow Us
ඉදිරි මාස 12ක විදුලිබල උත්පාදන සැලසුම පිළිබඳව සමාලෝචනයක්

මීළඟ වාරය වෙනුවෙන් අවශ්‍ය වන ගල් අඟුරු ආනයන ප්‍රසම්පාදන ක්‍රියාවලිය, විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ ඉදිරි මාස 12ක කාලය සඳහා වන විදුලිබල උත්පාදන සැලසුම පිළිබඳව සමාලෝචනයක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ලංකා ගල් අඟුරු සමාගම විසින් ඉදිරි වාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අගුරු ආනයන සඳහා ටෙන්ඩර් කැඳවා සැපයුම්කරුවන් වෙත ඇණවුම් ලබාදී ඇති අතර ඒ අනුව ගල් අගුරු නෞකා 40ක් එළඹෙන වාරය වෙනුවෙන් ආනයනය කරන් බවත් පළමු ගල් අගුරු නෞකාව නොරොච්චෝලේ වෙත ලබන එළඹෙන සතියේ පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන පාලන පද්ධති අංශය සහ කළමනාකාරීත්වය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමේදී, මෙම වසරේ වර්ෂාපතනය අඩු වී ඇති බැවින් ජල විදුලිබල උත්පාදනය පහත බැස ඇති බවත් මෙම වසරේදී ගිගාවොට් පැය 3500 - 3750ක ප්‍රමාණයක් පමණක් ජල විදුලි උත්පාදනය කිරීමට සිදු වන බවයි.

ඒ කෙසේ වෙතත් තාප විදුලිබලය එකතුකරගනිමින් අඛණ්ඩව විදුලිබල ලබාදෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද පැහැදිලි කරන ලැබුණි.

එළඹෙන වසරද වර්ෂාපතනය අඩු වසරක් ලෙස පුරෝකථනය කර ඇති බැවින් පෙර සුදානමක් ලෙස අඩු මිලට අවශ්‍ය පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට සහ එය ජාතික පද්ධතියට එක්කිරීම සදහා වන දැන්වීම් පළකර ඇත.