Tuesday, October 03, 2023
Follow Us
දුම්රිය අත්‍යවශය සේවයක් කිරීමට යයි

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අද (12) පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළ අතර ඊට අදාළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවද අමාත්‍යවරයා කීය.

දුම්රිය මගීන් පීඩාවට පත් නොකිරීම වෙනුවෙන් රජය ගත ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.