Monday, August 25, 2025
Follow Us
State

රාජ්‍ය අංශය අනුග්‍රහයෙන් ආරම්භ කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදා බැලීමේ පර්යේෂණ මේ වනවිට සාර්ථක වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය හා බණ්ඩාරවෙල කහත්තේවෙල ජනතා ගොවි සමාගම ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

කහත්තේවෙල ඉදි කර තිබෙන මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අත්හදා බැලීම මේ වනවිට සාර්ථකව ඇතැයි ජනතා ගොවි සමාගම විසින් ඊයේ (31) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

රුපියල් මිලියන 100ක වියදමින් ඉදි කර තිබෙන මෙම Potato Chips අපනයනය ඉලලක්ක කරමින් මෙරට අර්තාපල් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙදපොලට යොමු කිරීම අරමුණු කර ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට ඇතැම් ආහාර සැකසුම් ආයතන විසින් Potato Chips ආනයනය කරන අතර 2021 වර්ෂයේ දී ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 21කි. එමෙන්ම දැනට අප රටේ පුද්ගලික අංශයෙන් Potato Chips රටවල් කිහිපයකට අපනයනය කරනු ලබයි. 2021 දත්ත අනුව මෙරට නිෂ්පාදනය කෙරෙන Potato Chip ටොන් එකක් ඩොලර් 6321 බැගින් අලෙවි කර තිබේ.
කහත්තේවෙල Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන විදේශ වෙළෙදපොලට අපනයනය කිරීම මෙන්ම මෙරට අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ද යෙදවීමට නියමිතය.
මෙම කර්මාන්ත ශාලාව තුළ දිනකට Potato Chips කිලෝග්‍රෑම් 1000ක් සැකසීමේ හැකියාව තිබේ. එමෙන්ම අර්තාපල් ගොවීන් 200ක ගේ නිෂ්පාදන මෙම මෙම කර්මාන්තශාලාවට මිල දී ගැනීමට කටයුතු කර ඇත.
දැනට අර්තාපල් බහුලව වගා කරන වැලිමඩ බොරලන්ද හෙක්ටෙයාර් 3000කින් පමණ සමන්විත අර්තාපල් වගා කලාලාපයේ ප්‍රමාණවත් තරම් මාර්ග පහසුකම් නොමැති නිසා මෙම වසරේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට කෘෂි මාර්ග සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල් වැය කර එම පිවිසුම් මාර්ග ප්‍රතිසංස්කරණයට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

කහත්තේවෙල Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ආරම්භ වූ පසු ඒ ආශ්‍රිතව ඝෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනු ඇතැයි ද ජනතා ගොවි සමාගම පවසයි. මෙම කර්මාන්ත ශාලාව හැකි ඉක්මනින් විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඊයේ (31) කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනට උපදෙස් දුන්නේය.

State

කවුරුන් විරුද්ධ උනත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ ඉදිරි මාස තුන තුළ e -මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මහාමාර්ග ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) පැවසීය.

State

ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

අතරමඟ නවතා දැමූ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයෙන් පසු දෙරට අතර මිතුදම යළි ශක්තිමත් කර ගැනීමට හැකි වීමත් සමඟ යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

State

ජාත්‍යන්තර පරිසර දිනය ජුනි මස 5වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

State

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

State

ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත සිදු කරන ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම අද (31) සිදු කෙරිණ.

State

තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාරත්මේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ නැවතී ඇති මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී බාහිර පාර්ශවයකට ඇතුල්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි .

State

රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර්පත්වලින් මිල දී ගත යුතු යැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කරයි.

State
  • ඩිජිටල්කරණයේදී ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අවධානය.
  • දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනපති සහ වියට්නාම නියෝජ්‍ය අගමැති අතර සාකච්ඡා.

ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

State

2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වෙයි. අද සිට ජූනි 8 වන දා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී මෙම විභාග පැවැත්වේ.

State

ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශයන්හි හඳුනාගෙන ඇති ස්ථානවල ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම ඊයේ (25) ගම්පහ නගරයේ දී ආරම්භ කෙරිණි.

State

ආගමික සමගියට  බාධා වන ආකාරයට කටයුතු කරනු ලබන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය පැවතියත් අන් අයගේ ආගම් සදහා අගෞරව කරන්න කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත්  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි

State

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මුදල් වෙන් කර තිබේ.

State

ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.