Wednesday, May 06, 2026
Follow Us
State
  • පොරොන්දු වූ ප්‍රතිලාභ ඉදිරියටත් – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර.

සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

State
  • විශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතනවලටත් – අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා.

මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

State

පහළ මල්වතු ඔය ජලාශයේ පාවෙන සූර්ය බල ව්‍යාපෘතිය විදේශ ආයෝජන සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු කර තිබේ.

State
  • බිත්තර ආනයනයට ද අවශ්‍යතාවක් නැහැ – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර.

ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි අතර යළි මිල ඉහළ යාමක් සිදු නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

State

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අද (12) පැවසීය.

State

චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිතය.

State

හරිතාගාර වගාව හෙවත් Poly Tunnel තුළ එළවළු වගාව ප්‍රචලිත කිරීමට ගොවීන් උනන්දු කරවීම සදහා රජය විසින් රුපියල් මිලියන 500ක මුදලක් මෙම වසර සඳහා ලබා දී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

State

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් සෙසු සියලුම ආයතනවල සේවය කරන නිලධාරීන් කරන්නේ යැයි කියන අකටයුතුකම් 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

State

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. 

State

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය ලෝකෝමොටිව් ඕපරේටින් ඉංජිනියර්ස් සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ්. ඩී. එස්. ගුණසිංහ මහතා වෙත දන්වා තිබේ.

State

කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය අංගනයේ තාක්ෂණික නිළධාරීන් හා එන්ජින් ෂන්ටින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

State

විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

රටේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

State
ශ්රී ලාංකේය ජනමාධ්යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව ක්රියාත්මක කරනු ලබන ‘‘ඇසිදිසි ජනමාධ්ය ශිෂ්යත්ව වැඩසටහන“ මෙවර ද ජනමාධ්ය අමාත්යංශය මඟින් ආරම්භ කර ඇත.
State

ආරක්‍ෂක අමාත්‍යාංශය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කළ නිවේදනක් නිකුත් කර තිබේ. එය පහත සඳහන් පරිදි වේ.

"ළමුන් සහ විදේශිකයන් ඇතුළු අහිංසක ජීවිත 270 කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව භීතියෙන් බලා සිටියහ. මෙම ව්‍යසනයෙන් පසුව, ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පුළුල් පරීක්ෂණ දියත් කළේය.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකාවේ නිල සංචාරයක් සඳහා අද (13) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් ආදළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.

State

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

State

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.