විදේශ රැකියා අපේක්ෂිතයන් සඳහා යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විදේශ රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක කර ගත් විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලබයි.
දැනට දිවයින පුරා කුලී පදනමින් ලබා ගත් ගොඩනැගිලිවල අවම පහසුකම් යටතේ මෙම පුහුණු වැඩසටහන් පවත්වාගෙන යනු ලැබේ . එබැවින්, එතෙර රැකියාවලට යොමු වීමට අපේක්ෂා කරනු ලබන්නන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටම අයත් වන පරිදි මෙම ප්‍රදේශවල පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා යෝජනා කර ඇත